සිරියාවේ පවතින ප්‍රචණ්ඩකාරී වාතාවරණය තවදුරටත් දරුණු අතට හැරෙමින් පවතින බව යුනිසෙෆ් ආයතනය පවසයි.
එක්සත් ජාතීන්ට අනුබද්ධ ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින යුනිසෙෆ් ආයතනයේ ප්‍රකාශකයකු වන වෛද්‍ය පීටර් සල්මා ඒ බව කියා සිටියේ පුද්ගලයන් ගණනාවක් මරුමුවට පත් කරමින් ඊයේ සිරියාවේ පිහිටි රෝහල් සහ පාසල් කීපයක් වෙත මෝටාර් ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුවයි.
“මේ ගැටුමට අයත් සියලු පාර්ශව ජාත්‍යන්තර මානුෂීය නීතිය දරුණු ආකාරයට අපයෝජනයට ලක් කිරීමට සම්බන්ධ වී තිබෙනවා. ඒක කිසි ලෙසකත් පිළිගත හැකි තත්වයක් නොවෙයි. අවාසනාවකට ඊයේ සිරියාවේ පවතින ගැටුම්වල කෘරත්වය අලුත් මට්ටමකට ළඟා වුනා
උතරු දිග සිරියාවේ පාසල් සහ රෝහල් කීපයකට එල්ල වූ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් තුර්කිය සහ ප්‍රංශය රුසියාවට චෝදනා කළ අතර රුසියාව විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කොට තිබේ.
කැරලිකාර කණ්ඩායම් පාලනයේ පවතින උතුරු දිග සිරියාවේ රෝහල් හතරකට සහ පාසලකට එම මිසයිල ප්‍රහාර එල්ලවූ අතර පනස් දෙනකු පමණ මිය ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ.
උතරු දිග සිරියාවට මෙලෙස ගුවනින් මිසයිල ප්‍රහාර එල්ල වූයේ රුසියාවද ඇතුළු ලෝක බලවතුන් විසින් සිරියාවේ ක්‍රියාත්මක කිරීමට එකඟ වූ සටන් විරාමය මේ සතියේ ආරම්භ වීමට නියමිතව තිබියදීයි.
එහෙත් ඒ පිළිබඳවත් සැක සංඛා පලවෙමින් තිබෙන්නේ එදිරිවාදිකම් නැවැත්වීමේ සැලැස්ම සම්බන්ධයෙන් සිරියානු ජනාධිපති බසාර් අල් අසාද් කර ඇති ප්‍රකාශයක් හේතුවෙන්.
සියලු පාර්ශව අවි බිම තැබිය යුතු බවක් එම සැලැස්මෙන් අදහස් නොකරන බව සිරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.
උපුටා ගැනිම.bbc.com
0 comments:
Post a Comment