Home > lanka > මුළු ආසියාවම නව අවුරුදු සිරියෙන් lanka මුළු ආසියාවම නව අවුරුදු සිරියෙන් ඒකාකාරීව නොනවතින චක්‍රයක් ලෙස ගෙවී යන දෛනික ක්‍රියාවලියට යම් නැවතුමක් ලබා දී නැවුම් අධිෂ්ඨානයකින් සහ නව බලාපොරොත්තු සහිතව යළි ගමන් ඇරඹීමට අවස්තාව සලසා දීමයි අළුත් අවුරුද්ද තුළින් බලාපොරොත්තු වන්නේ. වසරේ දින තුන්සිය හැට පහ අතරින් සුවිශේෂ දිනයක් තෝරා ගෙන එම දිනය නව ආරම්භයට සුදුසුයි යැයි තීරණය කර ඇත්තේ අහඹු තෝරා ගැනීමකින් නොවන අතර එම තෝරා ගැනීම ඉන්දියානු සංස්කෘතිය හා මිශ්‍ර වූ අතීතයක් තියන බොහෝ රටවල යොදා ගන්නෙ සූර්යයා රාශීන් දෙකක් අතර කරන සංක්‍රාන්තිය පදනම් කරගෙන බවයි පෙනී යන්නේ. එසේවුවද එක් එක් රටට අදාළ කෘෂිකාර්මික හා කාලගුණික සාධක ද සැලකිල්ලට ගෙන ඇති බැවින් ඒ ඒ රටට ආවේණික වූ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇති බවද පැහැදිලිව පෙනී යන කරුණකි. ශ්‍රී ලංකාව පමණක් නොව නේපාලය, බුරුමය, තායිලන්තය සහ බංග්ලාදේශය ද එකම දින වකවානුවක නව අවුරුදු උදාව සමරන ආකාරය පිලිබඳ තොරතුරු වලට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න 7:02:00 AM lanka
0 comments:
Post a Comment