1130x220 AdSpace

  • Latest News

    Friday, May 15, 2015

    මහත් නොවී තරුණ බව රැකගන්න ජපන් කාන්තාවන්ගේ රහස ඔබත් දැනගන්න.........



    ජපන් ජාතිකයින් වැඩිම ආයු අපේක්ෂාවක් ඇති ජාතියක්  ලෙස ප්‍රකට වී ඇති කරුණක්, දීර්ඝායුෂ ලැබීමේ රහස ඔවුන් අනුභව කරන ආහාර හා එම ආහාර රටාවේ  ක්‍රමවත් බව නිසා බව කරන ලද පරීක්ෂණ අනුව සොයාගෙන ඇත. 


    ජපන් ජනතාව ඉතා අඩුවෙන් ආහාර ගැනීමට පුරුදු වී සිටින අතර ඉතාමත් අඩු කැලරි ප්‍රමාණයක සහිත ආහාර පමණක් ඔවුන්ගේ ආහාර වේලට එක් කර ගනී. විශේෂයෙන් ජපන් කාන්තාවන් අනෙකුත් රටවල කාන්තාවන්ට වඩා 20%ක් අඩුවෙන් කැලරි තම ආහාරයට එක් කර ගනී. අනෙකුත් රටවල් සමග ගත් කල හෘද රෝග, දියවැඩියාව, පිලිකා වැනි රෝගීන් ජපන් ජාතිකයන් අතර ඇත්තේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයකි.
    ඔබටත් නිරෝගී සිහින් සිරුරකට උරුමකම් ලැබීමට, වැඩි ආයු කාලයක් ලබා ජීවත් වීමට ඔවුන්ගේ මේ පුරුදු ඔබත් අනුගමනය කර බලන්න.



    නිරවුල් මනසකින් සිටීමට උත්සහ කරන්න.

    මෙය අද කාලය අනුව ගත් කල ඉතාමත් අපහසු වුවත්, ජපන් ජාතිකයින් මානසික ව්‍යායාම් ,ශාරීරික ව්‍යායාම් සහ යෝග වැනි ව්‍යායාම් කලාවන් අනුගමනය කරීම මගින් මානසික ආතතිය සාමනය  කර ගැනීමට පුරුදු වී සිටියි. මෙය රෝග තත්වයන් ඇති වීම වලක්වා ගැනීමට වඩාත් සුදුසු ක්‍රමයකි.





    ඇවිදීම

    අඩුම තරමින් පැය දෙකක්වත්  ඇවිදීමට පුරුදු කර ගන්න. ජපන් ජාතිකයින් වාඩි වී සිටිනවාට වඩා වැඩි කාලයක් ඇවිදීමට පුරුදු වී සිටින අතර මෙයින් ආයු කාලය වසර 7ක් දිගු කර ගැනීමට හැකියව ඇත.





    ප්‍රමාණයකට ආහාර අනුභව කරන්න 

    ආහාර අනුභවයෙදී උදරයෙන් 80% පිරුණු විට ආහාර අනුභවය නතර කිරීමට උත්සහ ගන්න. එසේම කැලරි ප්‍රමාණය ඉතා අධික ආහාර ගැනීමෙන් වැලකී සිටීමට උත්සහ ගන්න. සමබර ආහාර වේලක් ගැනීමට මතක තබා ගන්න. 





    පලතුරු වර්ග ආහාරයට එකතු කර ගන්න.

    හොඳින් ඉදුණු පලතුරු ඔබගේ ආහාර වේලට එකතු කර ගන්න. පලතුරු ශරීරයට ඉතාමත් ගුණදායක ආහාර ජීර්ණයට වඩාත් යෝග්‍ය වේ.

    පැණිරස කෑම අතුරුපස ගැනීම අවම කන්න.

    බටහිර රටවල ජනතාව ආහාර වේලට පසුව කේක් වැනි පැණිරස අතුරු පසකින් තම ආහාර වේල අවසන් කරන අතර ජපන් ජනතාව තම ආහාර වේලට පසුව ග්‍රීන් ටී එකක් ඒ වෙනුවට පානය කරීමට පුරුදු වී සිටියි. ඔබට පැණිරස කෑම නතර කිරීමට නොහැකි නම් ඉතා සුළු වශයෙන් උදැසනම ගැනීමට පුරුදු වන්න.




    මෙය පුරුද්දක් ලෙස දිගට පවත්වාගෙන යාමෙන් ඔබගේ ශරීරයේ බර අඩු  කර ගැනීමට සහ ඉන වට ප්‍රමාණය අඩු කර ගැනීමට ත් ඉතා සිහින් සිරුරකට උරුමකම් කීමට ඔබටත් හැකියාව ලැබෙනු ඇත.


    අන්තර්ජාලයේ ලිපියක් ඇසුරින්.



    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මහත් නොවී තරුණ බව රැකගන්න ජපන් කාන්තාවන්ගේ රහස ඔබත් දැනගන්න......... Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top