1130x220 AdSpace

  • Latest News

    Monday, May 18, 2015

    පොල්තෙල් වලින් දන්තාලේපයක්...........................


    දත් වලට හානි සිදු කරන බැක්ටීරියාවන් විනාශ කිරීමේ සුවිශේෂී හැකියාවක් පොල්තෙල් වල ඇති බව ඔබ දන්නවද?





    අයර්ලන්ත විද්‍යාඥයින් පිරිසක් විසින්  "Streptococcum Mutans" නමැති බැක්ටීරියාවන් විනාශ කිරීම සඳහා පොල්තෙල් වලට කොපමණ හැකියාවක් තිබෙනවද යන්න පර්යේෂණයට ලක් කර ඇත. දන්ත ඛාදනය සිදුකරන මෙම බැක්ටීරියාව විනාශ කිරීමට විශිෂ්ට හැකියාවක් පොල්තෙල් වලට තිබෙන බව විද්‍යාඥයින් පවසයි.






    දත් දිරායාම තත්ත්වයට නිසි අවධානය නොදීම නිසා වැඩිමහලු කුඩා දරුවන් අතරින් 60% සිට 90% දක්වා පිරිසක් මෙම අයහපත් සෞඛ්‍ය තත්ත්වයට භාජනය වී සිටිනවා. පොල්තෙල් යොදා ගනිමින් සාදා ගනු ලබන මෙම දන්තාලේපය වෙළඳ පොලේ ඇති අනෙකුත් සෑම දන්තාලේපයකටම වඩා ඉතාමත් සාර්ථක එකක් වෙනවාට කිසිඳු සැකයක් නැති බවයි. දත් වලට හානි කරන බැක්ටීරියාවන් විනාශ කර දැමීමට පොල්තෙල් වලට සුවිශේෂී හැකියාවක් තිබෙන නිසා දන්තාලේප හා මුඛ සෝදන අතරට පොල්තෙල් එක් කිරීම ඉතාමත් වැදගත් බව ඔවුන් පවසනවා.

    නිවස තුලදීම පොල්තෙල් යොදා ගනිමින් සකස් කරගතහැකි ඉතාමත් සෞඛ්‍යසම්පන්න මෙම දන්තාලේපය පිළිබඳව අප ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.


    අවශ්‍ය කරන ද්‍රව්‍යයන්

    පොල්තෙල් මේසහැඳි 1ක්
    බේකින් සෝඩා මේසහැඳි 1ක්
    පෙපෙර්මින්ට් හෝ කුරුඳු තෙල් තේ හැඳි 1ක්

    උපදෙස්:


    පොල්තෙල් මේසහැඳි 1ක සහ බේකින් සෝඩා මේසහැඳි 1ක භාජනයකට දමා තරමක් උකු ආලේපනයක් බවට පත් වන තුරු හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු පෙපෙර්මින්ට් හෝ කුරුඳු තෙල් තේ හැඳි 1  ක එම මිශ්‍රණයට එකතු කරන්න.





    මෙය "ටයිටේනියම් ඩයොක්සයිඩ්" "සෝඩියම් ෆ්ලෝරයිඩ්" වැනි ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍යයන් ඇතුලත් දන්තාලේප වෙනුවට භාවිත කල හැකි ඉතාමත් සෞඛ්‍යසම්පන්න දන්තාලේපයකි.









    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පොල්තෙල් වලින් දන්තාලේපයක්........................... Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top