ගාල්ල කොටුවේ සමුද්‍ර කෞතුකාගාරය
ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර කෞතුකාගාරය ගාල්ල කොටුවේ පිහිටා ඇත. 1992 මැයි 9 දින මහජනතාව සඳහා විවෘත කරන ලද මෙම සමුද්‍ර කෞතුකාගාරය පැරැණි කොටු දොරකඩ ඕලන්ද බඩු ගබඩාවේ බිම් මහලේ පිහිටා ඇත.
මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල 2004 දෙසැම්බර් 26 සුනාමි බලපෑමට හසු වුවද එය සම්පූර්ණයෙන් විනාශයට පත් නොවුන අතර සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය සම්පූර්ණයෙන්ම විනාශ විය. තවද සමුද්‍ර පුරාවිද්‍යා කෞතුක භාණ්ඩ බහුතරයක් ද අහිමි විය. එහි වූ සියළුම දර්ශන වලට ගංවතුර වලින් හානි සිදුව ඇත. ශ්‍රී ලංකා - නෙදර්ලන්ත සංස්කෘතික සහයෝගීතා වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජය සමුද්‍ර කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය සඳහා මුල්‍යමය ආධාර සපයා ඇත. ප්‍රතිසංස්කරණ කාලය වසර 3 කට පසු සමුද්‍ර කෞතුකාගාරය නැවතත් මහජනතාව සඳහා විවෘත කරන ලදී.
සුනාමියට පෙර
මෙම කෞතුකාගාරය ආරම්භ කල කාලය තුල ගාල්ල අවට මුහුදේ ලබාගන්නා ලද පුරාවිද්‍යා වස්තු, දිය යට කෞතුක භාණ්ඩ, තල්මසුන්, මත්ස්‍ය පරිමාණ, තවද ස්වභාවික කොරල් ඇඳන්, මුහුදු තෘණ සහ ගැඹුරු මුහුදු මාළු ප්‍රදර්ශනය කෙරිණි.
තවද සාම්ප්‍රධායික ජීවින ක්‍රම, මුහුදු ගමන්, ධීවර වෘත්තීය, ධීවර හා මුහුදු ජීවිතය හා සම්බන්ධ දර්ශන ප්‍රදර්ශනය කළේය. මුහුදු දූෂණය, වෙරළ ඛාදනය යන දේවල් වලට හේතු සහ මේවට එරෙහිව සටන් කල හැකි ක්‍රම ද ප්‍රදර්ශන විය.
මෙම සමුද්‍ර කෞතුකාගාරය 2010 මාර්තු 4 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සාගර පුරාවිද්‍යා කෞතුකාගාරය හා නරඹන්නන් සඳහා තොරතුරු මධ්‍යස්ථානය වශයෙන් නැවතත් විවෘත කරන ලදී. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් නෙදර්ලන්ත රාජධානියේ විශේෂ ණය ආධාර යටතේ ලන්දේසි බදු ගබඩාව ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් නවීකරණය කරන ලදී. අලුතින් ඇති ජාතික උරුමයන් මගින් ස්ථාපිත කෞතුකාගාරය වර්ග අඩි 40,000 ක ප්‍රමාණයකින් විශාල වේ.
මෙවැනි ජාතික උරුමයන් රැක ගැනීම සහ ඒවා මතු පරපුර වෙත ආරක්ෂා කර ගෙන යාම අප කාගේත් යුතුකම වේ.
උපුටා ගැනීම සියල්ල අන්තර්ජාලයෙනි.
Department of National Museum
0 comments:
Post a Comment