1130x220 AdSpace

  • Latest News

    Saturday, January 23, 2016

    වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු හයක් ගැන හෙළිවෙයි




    කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් තුළ ඉන්දියානුවන් ගෙන්වා ක්‍රියාත්මක කළ වකුගඩු ජාවරමට සම්බන්ධ ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් හය දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.


    මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළදී එවැනි නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීම් 60ක් පමණ සිදුකර ඇති බවත් ඒ සඳහා සම්බන්ධ වී ඇති වෛද්‍යවරුන් හයදෙනා කොළඹ පෞද්ගලික රෝහල් හතරකට සම්බන්ධ වී මෙම කටයුතු සිදු කර ඇති බවත්ය.

    වකුගඩු ජාවාරම්කරුවන් ඉන්දියාවේ සිට රැගෙන එන පුද්ගලයින් මෙලෙස කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් තුළදී සැත්කම් සිදු කර ඇති අතර එහිදී වකුගඩු බද්ධකරනු ලැබූවන් ගෙන රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව පැවසේ.


    මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ එක් වෛද්‍යවරයකු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක ක්‍රියාකාරිකයකු බවටද මේ වනවිට අනාවරණය වී ඇති බව පැවසෙන අතර ඉන්දීය පොලිසිය තවමත් මේ පිළිබඳව ශ්‍රී ලංකාවට නිල ලෙස දැනුම්දී නොමැති බව පැවසේ.

    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු හයක් ගැන හෙළිවෙයි Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top